Search

මෙල්බන් රසායනික කම්හලේ ගින්නෙන් පසු තවත් අනතුරු ඇඟවීමක්

මෙල්බන් රසායනික ද්‍රව්‍ය කම්හලක පසුගියදා ඇති වූ ගින්නෙන් පසු ඒ අවට ජනතාවට වාතයේ සහ ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එම ස්ථානයෙන් පිටවන දුමාරයෙන් දිගු කාලීන බලපෑම් නොමැති වුව ද ප්‍රදේශයේ ජලය භාවිතයේදී සැලකිලිමත් වන ලෙසටයි ජනතාවට අනතුරු අඟවා ඇත්තේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල ජලය ප්‍රමාණයක් භාවිත කළ බැවින් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වී ඇති එම ජලය සාමාන්‍ය ජල මාර්ගවලට එක්වීම මෙම අනතුරු ඇඟවීමට හේතුවයි.

කෙසේවෙතත් එම ජලය පානීය ජල මාර්ගයක් නොවන බැවින් නිවෙස් වෙත ලැබෙන ජලය පානය කිරීමට අවදානමක් නොමැති බව දැනුම් දෙනවා.

කම්හල ආශ්‍රිතව පිහිටි ජල මුලාශ්‍රවලට සිදු වූ බලපෑම නිසි ලෙස තහවුරු කර ගන්නා තෙක් මහජනතාවට ප්‍රදේශයේ ජල මාර්ගවලට ප්‍රවේශ නොවන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

බදාදා පෙරවරු 11.20ට පමණ ගටගත් ගින්න ගිනි නිවන භටයින් 180ක් සහ ගිනි නිවීම් රථ 50කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් පස්වරු 3.30ට පමණ පාලනය කර තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී කර්මාන්තශාලාව ආශ්‍රිතව රසායනික ද්‍රව්‍ය රැසක් පැවති බවයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »