T20 නායකත්වයෙන් වනිඳු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පන්දු වාර 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ඔහුගේ අස්වීම භාරගත් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ වනිඳු හසරංග ශ්‍රී ලංකා T 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස තවදුරටත් කටයුතු කරන බවයි.

ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට සෑම විටම තම උපරිම දායකත්වය ලැබෙන අතර සෑම විටම කණ්ඩායමට සහ නායකත්වයට සහාය දෙන බවයි වනිඳු හසරංග ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් ප්‍රකාශ කර ඇත්තේ වනිඳු හසරංගගේ සේවය ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ශ්‍රී ලංකාවට අතවශ්‍ය බවයි.

වනින්දුගේ නායකත්වය පිළිබඳ පසුගිය සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනට ලක්වූ අතර ඊට ඔහුගේ හැසිරීමද හේතු වී තිබුණා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »