Search

මෙල්බන් හි බාලවයස්කාර සොරුන්ට වැඩ වරදී

මෙල්බර්න් නගරයේ වාහනයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ ගැහැණු ළමුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාත්‍රී කාලයේ නවතා තිබූ මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ගැහැණු ළමුන් පස්දෙනා මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වර්තා වන්නේ.

ඊයේ අලුයම 12.30ට පමණ Troy Streetහිදී මෙම පැහැරගැනීම සිදුව ඇති අතර වාහනයේ රියදුරු ද සිද්ධිය සම්බන්ධයෙන් කම්පනයට පත්ව ඇති බව සඳහන්.

මෝටර් රථය සොරකම් කිරීමට පෙර මෙම නව යොවුන් වියේ පසුවන තරුණියන් පිරිස e-scooterවලින් අවට සැරිසරා ඇති බව හෙළිවී තිබෙනවා.

මෝටර් රථය සොරකම් කළ ස්ථනයෙන් කිලෝමීටර් 9ක් පමණ දුරින් වූ ප්‍රදේශයකදී ඔවුන් අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇති අතර මොවුන් අවුරුදු 13ත් 14ත් වියෙහි පසුවන්නන් බව හඳුනා ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ප්‍රාන්තයේ තරුණ අපරාද මැඩලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද ඊයේ නීතිපති ජැක්ලින් සයිම්ස්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇති බව සඳහන්.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »