මෙල්බර්න්හි ප්‍රසිද්ධ ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට් (Flinders Street) දුම්රිය ස්ථානයේ ඔරලෝසු කණුවක් තීන්ත යොදා ගනිමින් විකෘති කළ පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙය යථා තත්වයට පත් කර පිරිසිදු කිරීම සඳහා සැලකිය යුතු මුදලක් වැය වනු ඇති බවටයි බලධාරීන් සඳහන් කර ඇත්තේ.
කිසියම් කණ්ඩායමක් විසින් බදාදා රාත්‍රියේ දුම්රිය ස්ථානය අසල පිහිටි ඔරලෝසු කණුව තීන්ත යොදා ගනිමින් අපවිත්‍ර කර ඇති බව සඳහන්.
මෙට්‍රෝ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් සොයා ගැනීමට පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.
මෙල්බන් නගරයේ උරුමයක් ලෙසට සැලකෙන මෙම ඔරලෝසු කණුවට තවදුරටත් හානි නොවන පරිදි එය ආරක්ෂිතව පිරිසිදු කිරීමට සැලසුම් කරමින් ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
විමර්ශන සිදුවෙමින් පවතින අතර මෙම ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඇත්නම් පොලිසියට සහාය වන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් ද කෙරෙනවා.