
පිලිපීනයේදීඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මියගිය දෙදෙනාගේ පවුල්ලේ සාමාජිකයන් සඳහා කොන්සියුලර් ආධාර ලබා දෙන බවයි.
පිලිපීනයේදී ඔස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදේශ කටයුතු දෙපාර්තමේන්තුව තහවුරු කර තිබුණ ද ඔවුන්ගේ මරණවලට හේතුවක් මෙතෙක් නිශ්චිතව හෙළි කර නැහැ.

මෙම දුෂ්කර අවස්ථාවේ මියගිය දෙදෙනාගේ පවුල් වෙත දෙපාර්තමේන්තුවේ ශෝකය පළ කරන බව දෙපාර්තමේන්තුව නිකුත් කළ කෙටි නිවේදනයේ සඳහන්.
මියගිය ඔස්ට්‍රේලියානුවන් දෙදෙනාගේ මරණයට සම්බන්ධ තත්වයන් තවමත් අනාවරණ වී නොමැති බව ද නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර අද පෙරවරුවේ පිලිපීනයේ දකුණුදිග ප්‍රදේශයේ රිච්ටර් මාපක 6.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ද වාර්තා වී තිබෙනවා.
එම කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කෙරුණු අතර මෙමගින් සිදු වූ දේපළ හෝ ජීවිත හානියක් වාර්තා වී නැහැ.
පිලිපීනයේ භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසුවේ භූ කම්පනයෙන් හානියක් සිදුවනු ඇතැයි අපේක්ෂා නොකරන නමුත් පසු කම්පන අපේක්ෂා කරන බවයි.