වාර්තාගත ඔස්ටේලියානු සංචාරකයන් පිරිසක් සතියක් ඇතුලත ශ්‍රී ලංකාවට

ජූලි මාසයේ මුල් සතිය තුළ ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු සංචාරකයින් සංඛ්‍යාව 2300 ඉක්මවා ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

2024 වසරේ ගතවූ කාලසීමාවේ සතියක් ඇතුලත වැඩිම ඔස්ට්‍රේලියානු සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජූලි මස මුල් සතියේ බවයි සඳහන් වන්නේ.

මෙම මාසයේ පළමු වනදා සිට 7 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 43083ක් වන අතර ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

ඒ අනුව දින 7ක් තුළ ඉන්දියානු සංචාරකයින් 13693ක් ද, බ්‍රිතාන්‍ය සංචාරකයින් 3455ක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

තෙවනුවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ චීනයෙන් වන අතර ඔස්ට්‍රේලියායානු සංචාරකයින්ට හිමිවන්නේ 4 වන ස්ථානයයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2024 වසරේ මේ දක්වා කාලසීමාව තුළ ශ්‍රි ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් ගණන 1,053,332ක්.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »