ඔස්ට්‍රේලියාවේ නගර සභාවකින් දඩවලට අකමැති රියදුරන්ට උපදෙසක්

බ්‍රිස්බේන් නගර සභාව විසින් 2023-2024 මුල්‍ය වර්ෂයේදී වාහන නැවැත්වීමේදී රියදුරන් සිදු කළ වැරදි හේතුවෙන් ඩොලර් මිලියන 34.35ක් වටිනා දඩ නිකුත් කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

වාහන නැවැත්වීමේදී සිදු කළ නීති උල්ලංඝනයන්ට අදාළව දඩ 170,677ක් නිකුත් කර ඇති අතර එය 2022-2023 මුල්‍ය වර්ෂයේ සටහන් වන්නේ 168,042ක් ලෙසටයි.

දඩ පත්‍රිකා ලැබූ රියදුරන්ගේ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් ඩොලර් මිලියන 1ක පමණ දඩ 5,976ක් බ්‍රිස්බේන් නගර කවුන්සිලය ඉල්ලා අස්කරගෙන ඇති බව සඳහන්.

වාහන නැවැත්වීමේ දඩයක් නිකුත් නොකිරීමට නම් මාර්ග නීති අනුගමනය කරන ලෙසටයි නගර සභාව රියදුරන්ගෙන් ඉල්ලා ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ විශාලතම පළාත් පාලන අධිකාරිය ලෙසට බ්‍රිස්බේන් නගර කවුන්සිලය සැලකෙන අතර එහි බලධාරීන් සෑම දිනකම වාහන නැවැත්වීමේ දඩ වශයෙන් ඩොලර් 94,000ක් පමණ නිකුත් කරන බව සඳහන්.

එය සෑම පැයකටම ඩොලර් 3,900ක වැනි අගයක් වනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »