මෙල්බන් රසායනික කම්හලේ ගින්න නිවද්දී පාසලකුත් ගිනි ගනී

මෙල්බර්න් Point Cook ප්‍රදේශයේ පාසලක ඊයේ රාත්‍රී ඇති වු සැක කටයුතු ගින්නක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති වුව ද පන්ති කාමර රැසකට සැලකිය යුතු අලාභ හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගින්න ඇති වීමට හේතුවක් අනාවරණ වී නොමැති අතර මෙය සැක කටයුතු සිදුවීමක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළා.

මේ අතර ඊයේ මෙල්බන් ඩෙරිමට් ප්‍රදේශයේ රසායනික කර්මාන්තශාලා ගින්න නිවා දැමීමේ මෙහෙයුම් තවමත් පවතින බව වික්ටෝරියා ගිනි නිවීම් ඒකකය පවසනවා.

ප්‍රදේශයේ මාර්ග වසා තැබීම සහ ආරක්‍ෂිත පියවර හේතුවෙන් ඒ ආසන්න අනෙක් කර්මාන්ත ශාලා වෙත යාමට පැමිණි වාහන රැසක් ද මාර්ගයේ නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ උදෑසන කම්හලේ පිපිරීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇති අතර ගිනි නිවන භටයින්ට එය පාලනය කිරීම සඳහා පැය හතරක පමණ කාලයක් ගත වී තිබුණා.

ගින්න සමග ටෙල්ස්ට්‍රා සමාගමේ සන්නිවේදන කුලුනකට ද හානි වීම හේතුවෙන් ඩෙරිමට් ප්‍රදේශයේ ඇතැම් දුරකථන සේවාවන්ට බාධා ඇති වන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

එම ස්ථානයෙන් පිටවන දුමාරයෙන් දිගු කාලීන බලපෑම් නොමැති අතර ප්‍රදේශයේ ජලය භාවිතයේදී සැලකිලිමත් වන ලෙසටයි ජනතාවට අනතුරු අඟවා ඇත්තේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල ජලය ප්‍රමාණයක් භාවිත කළ බැවින් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වී ඇති එම ජලය සාමාන්‍ය ජල මාර්ගවලට එක්වීම මෙම අනතුරු ඇඟවීමට හේතුවයි.

කෙසේවෙතත් එම ජලය පානීය ජල මාර්ග නොවන බැවින් දැනට භාවිතා කෙරෙන පානීය ජලය පිළිබඳ අවදානමක් නොමැති බව දැනුම් දෙනවා.

එහි බලපෑම නිසි ලෙස තහවුරු කර ගන්නා තෙක් මහජනතාවට ප්‍රදේශයේ ජල මාර්ගවලට ප්‍රවේශ නොවන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »