වැරදි වැඩකින් ඔස්ට්‍රේලියානුවන් පෙරමුණට එයි

ඔස්ට්‍රේලියානුවන් වාර්තාගත සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය වෙත යොමුවෙමින් ඇතැයි නව විශ්ලේෂණයන් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියානු අපරාධ බුද්ධි කොමිසම කරන ලද නවතම විමර්ශනයකින් පෙනී ගොස් ඇත්තේ මෙරට මත්ද්‍රව්‍ය භාවිතය ස්ථාවරව පවතින සහ තවදුරටත් වර්ධනය වන අභියෝගයක් බවයි.

මෙහි සුවිශේෂී කරුණක් වන්නේ ඇතැම් විශේෂිත මත්ද්‍රව්‍ය වර්ග පමණක් ඔස්ට්‍රේලියානුවන් අතර වැඩි වශයෙන් හුවමාරු වීම බව බුද්ධි කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරී හීදර් කුක් සඳහන් කළා.

ඔහු පැවසුවේ 2023 වසරේ දෙසැම්බර් මාසයේදී කැන්බරා අගනුවර සහ කලාපීය ප්‍රදේශවල වාර්තාගත මට්ටමින් අයිස් සහ කොකේන් පරිභෝජනයක් පැවති බවයි.

සාමාන්‍යයෙන් ගංජා භාවිතය අඩු වෙමින් ඇති අතර අයිස්, කොකේන්, MDMA, MDA, කෙටමින්, මධ්‍යසාර සහ නිකොටින් වැනි සාමාන්‍ය මත්ද්‍රව්‍ය භාවිතය රට පුරා ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ජාත්‍යන්තර වශයෙන් සලකා බැලීමේදී විවිධ උත්තේජක භාවිතය සම්බන්ධයෙන් ද ඔස්ට්‍රේලියාව ද ඉහළට පැමිණ ඇති බව වාර්තා වනවා.

Sewage Core Group Europe (SCORE) විසින් යුරෝපය, ආසියාව වැනි කලාප සහ ඇමරිකාව ඇතුලු රටවල් 34ක නගර 112කින් දත්ත මෙම සමීක්ෂණයට යොදාගෙන තිබුණා.

නීතිවිරෝධී උත්තේජක භාවිත කිරීමේ කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව සිව්වන ස්ථානයට පත්ව ඇති අතර කොකේන් සඳහා ඔස්ට්‍රේලියාව ලැයිස්තුවේ 20 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »