ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ වෙනසක්

Forbes සඟරාව නිකුත් කරනු ලබන වාර්තා අනුව ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව පසුගියදා (9) නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත්තේ මීට පෙර දෙවන ස්ථානයට පත්ව සිටි Elon Musk වීම විශේෂත්වයක්.

ඒ අනුව Elon Musk යළිත් ලොව ධනවත්ම පුද්ගලයා වූ අතර ඔහුගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 252.4ක් බවයි සඳහන් වන්නේ.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ඇමසන් සමාගමේ හිමිකරු වන ජෙෆ් බේසස් (Jeff Bezos) හිමිකරගෙන ඇති අතර ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 215.9ක් වනවා.

ලොව ධනවත්ම පුද්ගලයින් 10 දෙනාගෙන් 9 දෙනෙක්ම ඇමරිකානුවන් වන අතර ලොව තුන්වන ධනවතා බවට පත් වූ බර්නාඩ් ආනෝල්ට් (Bernard Arnault) පමණක් ප්‍රංශය නියෝජනය කරනු ලබනවා.

බර්නාඩ් ආනෝල්ට්ගේ ශුද්ධ වත්කම් සඳහන්ව ඇත්තේ ඇමරිකා ඩොලර් බිලියන 191.1ක් ලෙසටයි.

ලෝක ධනවතුන් 10 දෙනා අතුරින් අඩුම වයසක සිටින ධනවතා වන්නේ facebook නිර්මාතෘ Mark Zuckerberg වන අතර ඔහු ලෝක ධනවතුන් අතර 4 වන ස්ථානයේ පසුවනවා.

අවුරුදු 40ක් වන Mark Zuckerbergගේ වත්කම දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 185.4ක් ලෙසටයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »