මෙල්බන් දේපළ රැසකටත් ගංවතුර අවදානමක්

යටිතල පහසුකම්වල පවතින අඩුපාඩු හේතුවෙන් මෙල්බන් නගරය සහ ඒ අවට ප්‍රදේශවල නිවාස 22000ක් ගංවතුර අවදානමට ලක්විය හැකි බවට හඳුනාගෙන තිබෙනවා.

විශේෂයෙන් යාරා (Yarra) නගරයේ ඇති සියලුම දේපලවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් පිටාර ගලන කාණු පද්ධති හේතුවෙන් ගංවතුර අවදානමට ලක්වන බවයි වාර්තා වන්නේ.

යාරා රෙසිඩන්ස් කලෙක්ටිව් (Yarra Residents Collective) නිර්මාතෘ ඇඩම් ප්‍රොමින්ට්ස් (Adam Promnitz) පැවසුවේ අවදානම් කලාපවල ජනතාව යළිත් නිවාස රක්ෂණයක් වෙත යොමුවීම සුදුසු බවයි.

ඉහළ යන රක්ෂණ වාරික හේතුවෙන් බොහෝ ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණවලින් ඉවත් වීම හේතුවෙන් ඔවුන්ට ජල ගැලීම් වැනි ආපදා හේතුවෙන් ලැබෙන ප්‍රතිලාභද පහළ ගොස් තිබෙනවා.

Yarra නගරයේ මීට පෙර ගංවතුර කලාප ලෙස නම් කර තිබූ කලාප තවදුරටත් පුලුල්වී ඇති අතර ඉහළ යන ජීවන වියදම හමුවේ යටිතල පහසුකම්වල මතුවන ගැටලු හේතුවෙන් මෙල්බන් ජනතාව මෙලෙස බලපෑමට ලක්වන බවයි සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »