මෙල්බන් නගරයේ ළමයින්ව රැගෙන යන්න හොඳම තැන් මෙන්න

මෙල්බන් නගරය හා ඒ අවට ප්‍රදේශවල කුඩා දරුවන්ට නැරඹීමට සහ විනෝද වීමට වඩාත් සුදුසු ස්ථාන 10ක් නම් කර තිබෙනවා.

ඉන් ප්‍රථම ස්ථානයට නම් කර ඇත්තේ මෙල්බන් සත්වෝද්‍යානය යි.

රජයේ නිවාඩු දින මෙන්ම සති අන්තයේ අවුරුදු 15ට අඩු ළමයින් සඳහා මෙල්බන් සත්වෝද්‍යානයට නොමිලේ ප්‍රවේශ වීමට අවස්ථාව ලැබීම හේතුවෙන් එය ළමයින් සඳහා වඩාත් ජනප්‍රිය ස්ථානයක් ලෙසයි නම් කර ඇත්තේ.

මෙල්බන්හි පිහිටි විද්‍යා හා තාක්ෂණ කෞතුකාගාරය වන Science works ද ළමයින් අතර වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක් වනවා.

මීට අමතරව මෙල්බන් අවට කුඩා ළමුන් සදහා විනෝද විය හැකි හොඳම ස්ථාන අතර මෙල්බන් කෞතුකාගාරයේ ළමා ගැලරිය ද නම් කර තිබෙනවා.

Healesville Sanctuary bird park ද මෙල්බන් නගරයේ අවට ළමයින් රැගෙන යාමට සුදුසු ස්ථානයක් ලෙස නම් කර ඇති අතර Funfields Water park ද මෙල්බන් ළමයින්ට නැරඹීමට මෙන්ම විනෝද වීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙසයි නම් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »