වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල ගැටලුවක් විසඳෙන ලකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වලට වැඩි අරමුදල් අවශ්‍ය නම් ඒවා ලබාදීමට කටයුතු කරන බව අගමැතිනි ජසින්ටා ඇලන් පවසනවා.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ අවශ්‍ය වන්නේ නම් නම් වික්ටෝරියා රජය මේ වසරේ අයවැය මගින් සෞඛ්‍ය අංශය සඳහා වැඩි මුදලක් වෙන් කරන බවයි.

ප්‍රාන්ත රජය සෞඛ්‍ය සේවාවන්වල අනවශ්‍ය වියදම් කපා හරින ලෙසට දැනුම් දී තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස බඳවා ගැනීම් අඩු කිරීමට මෙන්ම සේවා කප්පාදු කිරීම් පිළිබඳව ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය සම්බන්ධ අයවැය ඉදිරි සතිවලදී අවසන් කරන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ රෝගී සත්කාරය අඩාල වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සේවයට අමතර මුදලක් යොදවන බවටයි අගමැතිනිය පොරොන්දු වී ඇත්තේ.

ප්‍රාන්ත බලධාරීන් සෞඛ්‍ය සේවයේ අරමුදල් කප්පාදු කරන බවට කළ ප්‍රකාශය හෙතුවෙන් දැඩි චෝදනා එල්ලවූ අතර සැත්කම් සඳහා බලාපොරොත්තුවෙන් සිටි රෝගීන් ඇතුලු රෝගීන්ගේ රැකවරණය කෙරෙහි මෙය දැඩි බලපෑමක් ඇති කරනු ඇති බවට සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනතුරු අඟවා තිබුණා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජසින්ටා ඇලන් පැවසුවේ රෝහල් අයවැය පිළිබඳ අවසන් තීරණ ඉදිරි සතිවලදී ගන්නා අතර අමතර අරමුදල් සැපයීමට අවශ්‍ය නම් එය සිදු කරන බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »