NSW ප්‍රාන්තයේ සුදූ ක්‍රීඩාවට බාධකයක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ මධ්‍යම රාත්‍රියේ සිට පෙරවරු 10 දක්වා සුදූ ක්‍රීඩා යන්ත්‍ර අක්‍රිය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

සූදු ක්‍රීඩා සම්බන්ධයෙන් ජනතා මතය විමසීමට අදාළව සිදු කළ සමීක්ෂණයකට අනුව සියයට 83ක් සඳහන් කර ඇත්තේ
මධ්‍යම රාත්‍රී සිට පෙරවරු 10 අතර කාලය තුළ පෝකි (pokies) යන්ත්‍ර වසා දැමිය යුතු බවයි.

මේ වන විට ප්‍රාන්තය පුරා මෙම පෝකි යන්ත්‍ර 87,000ක් පමණ ඇති බව හදුනාගෙන තිබෙනවා.

වැඩි දෙනෙකු මෙම තහනමට පක්ෂව පිළිතුරු ලබා දී තිබුණ ද මෙම තහනම ක්‍රියාත්මක කිරීම එතරම් පහසු නොවන බවයි ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ.

සූදු ක්‍රීඩාව මහජනතාව කෙරෙහි සෘජු බලපෑමක් සිදුකරන බව මෙම අධ්‍යනයේ ප්‍රතිඵල මගින් හඳුනාගෙන තිබෙනවා.

මධ්‍යම රාත්‍රියෙන් පසු පබ් සහ සමාජ ශාලාවලට යන පුද්ගලයින් සුදූ ක්‍රීඩාවේදී වඩාත් අවදානමට ලක්විය හැකි අතර එම තහනම පැනවීමට ප්‍රාන්ත බලධාරීන් එක්විය යුතු බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »