කාර්යාල ගමන නිසා ඔස්ට්‍රේලියාවේ සේවකයන් පිරිසක් අසතුටින්

පසුගිය මාස 12 තුළ සතියකට දින පහක් කාර්යාලයට පැමිණීම අනිවාර්ය කර ඇති සේවක සංඛ්‍යාව දෙගුණ වී ඇති බව නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සේවකයන් 1000ක් යොදාගෙන කරන ලද නව සමීක්ෂණයක් මගින් හෙළිවී ඇත්තේ පූර්ණ කාලීන සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ සියයට 39ක් පමණ සෑම සතියේ දිනකම කාර්යාලයට පැමිණීමට සිදුවී ඇති බවයි.

ආයතන සඳහා සේවකයන් බඳවා ගැනීමේ සමාගමක් වන Robert Half විසින් කරන ලද පර්යේෂණයන්ට අනුව මෙම සංඛ්‍යා දත්ත පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව තියුණු වැඩිවීමක් බවයි සඳහන් වන්නේ.

කොවිඩ් වසංගත සමයේ සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට ලබාදී තිබූ සහනය මේ වන විට ක්‍රමයෙන් ඉවත් වෙමින් ඇති අතර එම සහනය තවමත් අදාළ වන්නේ කාර්යාල සේවකයින් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් බව අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් 2023 වසරේදී කාර්යාලවලට පැමිණීමේ අවශ්‍යතාව සතියකට දින හතරක් වූ අතර මේ වසරේ එය සතියේ දින පහක් ලෙසටම වෙනස් වී ඇති බව සඳහන්.

කාර්යාල වෙත පැමිණිය යුතු දින ගණන වැඩි වීමත් සමඟ තම සේවය සම්බන්ධයෙන් තෘප්තියක් නොමැති පුද්ගලයින් සංඛ්‍යාව ද වැඩි වී ඇති බව නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »