අනුර කුමාර වෙනුවෙන් මෙල්බන්වල ශ්‍රී ලාංකික කඩ ළඟත් Election Campaign

මෙල්බන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ සහ අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් ජාතික ජන බලවේගය විසින් පසුගියදා සංවිධාන කර තිබුණා.

වැඩසටහනේ සමාරම්භක අවස්ථාව පසුගිය සෙනසුරාදා (06) පැවැත්වුණේ Melbourne South East / Melbourne West සහ Melbourne North ප්‍රදේශවල ශ්‍රී ලාංකික වෙළඳසැල් අසලදීයි.

මෙය ඉතා සාර්ථක වූ බවයි පක්ෂයේ ඔස්ට්‍රේලියා නියෝජිතයන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

“දැනුවත් වෙමු – දැනුවත් කරමු – ජන බලය ගොඩනගමු” යන තේමාව යටතේ සිදු කළ අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනට, අදාළ ප්‍රදේශ නියෝජනය කරන NPP Melbourne සංවිධාන සාමාජිකයන් එක් වූ බව සඳහන්.

එළඹෙන මැතිවරණයකදී ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගය ගෙන යන වැඩපිලිවෙලට තම උපරිම සහයෝගය ලබාදෙන බවට මෙහිදී ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කළ බවයි ජාතික ජන බලවේගයේ නියෝජිතයන් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ.

ඉදිරි සතිවලදී ද අත්පත්‍රිකා බෙදමින් මෙල්බන් ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම අඛණ්ඩව සිදුකරන බව මෙල්බන් NPP නියෝජිතයන් සඳහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »