මෙල්බර්න් රසායනික ද්‍රව්‍ය කම්හලක ගින්නක් නිසා අවට ජනතාවට විශේෂ දැනුම්දීමක්

මෙල්බර්න් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය කම්හලක ඇති වූ පිපිරීමක් සමග හටගත් ගින්නක් හේතුවෙන් අවට ප්‍රදේශයේ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

රසායනික පිපිරීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට අනාවරණ වී ඇති අතර එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

පැයක පමණ කාලයක් පුරා පවතින ගින්න හේතුවෙන් ප්‍රදේශය ආසන්නයෙන් දිවෙන අධිවේගී මාර්ගයක එක් මංතීරුවක් ද වසා දමා තිබෙනවා.

පෙරවරු 11.20 ට පමණ මෙම ගින්න පිළිබඳව හදිසි සේවා අංශ වෙත තොරතුරු වාර්තා වී ඇති අතර එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 50කට වැඩි ප්‍රමාණයක් යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

හදිසි සේවාවලට බාධා නොවන ආකාරයෙන් ජනතාව එම ප්‍රදේශයට පැමිණීමෙන් වැළකී සිටිය යුතු අතර දුම ආශ්වාස කිරීම වළක්වා ගැනීම සඳහා නිවාසවල දොර ජනෙල් වසා දමන ලෙසට දැනුම් දී තිබෙනවා.

Albion, Braybrook, Brooklyn, Derrimut, Laverton North, Sunshine, Sunshine West, Tottenham සහ Truganina  ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසටයි උපදෙස් දී ඇත්තේ.

ගින්න හේතුවෙන් මෙතෙක් කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති අතර, ගොඩනැගිල්ල තුළ සිටි සියලු දෙනා ආරක්ෂිතව ඉවත් කරගෙන ඇති බවට විශ්වාස කෙරෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »