සුනඛයන් නිසා සුපිරි වෙළඳසැල් පාරිභෝගිකයන් පිරිසකට ගැටලුවක්

සුරතල් සුනඛයන් රැගෙන සාප්පු සංකීර්ණය තුළට ඇතුලු වීමට ලබාදී පහසුකම ඉවත් කරන ලෙසට බනින්ග්ස් (Bunnings) පාරිභෝගිකයන් වෙළඳසැල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඇතැමුන් සුනඛයන්ට කැමති වුව ද සියලුදෙනා එලෙස සතුන්ට කැමැත්තක් නොමැති බවයි ඇතැම් පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ.

බනින්ග්ස් සුපිරි වෙළඳ සැලකට රැගෙන ආ සුනඛයෙකු එහි මළපහ කර තිබීම හේතුවෙන් පාරිභෝගිකයන් වෙළඳසල් හිමිකරුවන්ගෙන් මෙම ඉල්ලීම කර තිබෙනවා.

මෙය සුනඛ උද්‍යානයක් නොව වෙළඳසලක් වන බැවින් සාප්පු සවාරි යාමේදී සතුන් නිවසේ තබා ඒමට හිමිකරුවන් පියවර ගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එක් පාරිභෝගිකයෙකු මේ සම්බන්ධයෙන් බනින්ග්ස් සුපිරි වෙළඳසල් බලධාරීන්ට ඊමේල් පණිවුඩයක් යොමු කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කර ඇත්තේ කලහකාරිව හෝ නොගැලපෙන ආකාරයෙන් හැසිරෙන ඕනෑම සතෙකු ඉවත් කරන බවයි.

හොඳින් හැසිරෙන සුරතල් සතුන් සැමවිටම සාදරයෙන් පිළිගන්නා අතර හිමිකරුවන් සෑම විටම සතුන්ගේ පාලනය පවත්වා ගෙන යමින් වෙළඳසල අපිරිසිදු වුවහොත් එය පිරිසිදු කළ යුතු බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම වෙළඳසල් හිමිකරුවන් ද ඉල්ලා සිටින්නේ තම සුරතලා ගෘහස්ථව මළපහ කිරීමට පුහුණු කළ නොහැකි නම් එවැනි සතුන් සුපිරි වෙළඳසැල් වෙත රැගෙන නොයන ලෙසටයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »