ශ්‍රී ලංකාවේ සවින්ද්‍රි MasterChef තරඟාවලියේ අවසන් තිදෙනා අතරට

MasterChef Australia තරඟාවලියේ අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකීය තරඟකාරියක් වන සවින්ද්‍රි පෙරේරා සමත් වී තිබෙනවා.

මෙවර තරග වටය සඳහා ඇය ඉදිරිපත් කර තිබුණේ Lampraise ආහාර වට්ටෝරුවක් වන අතර එය පිළිගැන්වූ ආකාරය අනුව විනිසුරුවරුන් ද පුදුමයට පත්වීම විශේෂත්වයක්.

ශ්‍රී ලාංකීය ව්‍යාංජන කිහිපයක් ද සමග කෙසෙල් කොළයක ඔතා ආහාර පිළිගැන්වූ ආකාරය Masterchef season 16 තරගාවලිය තුළ සිදු වූ සුවිශේෂි අවස්ථාවක් බව සඳහන්.

මීට පෙර සවින්ද්‍රි පෙරේරා තරගාවලියේ එක් වටයකදී ඉවත් වීමට සිදු වුව ද ඇය නැවතත් තරගය සඳහා එක් කර ගැනීමට සංවිධායක මණ්ඩලය මෙන්ම විනිසුරුවරුන් කටයුතු කළා.

ඇය සකස් කරන ලද ශ්‍රී ලාංකීය ආහාරවලට විනිසුරුවන් අතිශයින් ප්‍රිය කිරීම හේතුවෙන් මෙම අවස්ථාව ලැබුණු අතර ඇය නැවතත් තම හදවත්වලට පිවිසිණු බවයි විනිසුරුවරුන් සඳහන් කළේ.

සවින්ද්‍රි පෙරේරා මීට පෙර තරඟවල සකස් කරනු ලැබූ රසවත් ශ්‍රී ලාංකීය ආහාරවල රස බැලීමෙන් පසුව MasterChef Australia විනිසුරුවන් තරඟයට නැවත පැමිණීම සඳහා සවින්ද්‍රි තෝරා ගෙන තිබුණා.

වයස අවුරුදු 18 දී ඇඩිලේඩ් වෙත පැමිණෙන ඇය එතෙක් ජීවත් වූ ශ්‍රී ලංකාවේ, ග්‍රාමීය ඉවුම් පිහුම් විලාසය මෙන්ම පිළිගැන්වීම ඇගයීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තරඟය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා රැකියාවෙන් පවා ඉවත් වූ ඇය, MasterChef Australia තරඟාවලියේ ඉදිරි තරග වටය සඳහා සූදානම් වෙමින් පසු වනවා.

MasterChef තරගාවලියක් තුළ මෙලෙස ශ්‍රී ලාංකීය ආහාරවේලක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන තමන් ආඩම්බර වන බවයි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඇය කියා සිටියේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »