Telstra ගාස්තු වෙනස් වෙයි

නව මුල්‍ය වර්ෂයේ ආරම්භයත් සමග ගාස්තු වැඩි නොකරන බව ප්‍රකාශ කළ ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ජංගම දුරකථන ගාස්තු ඇතුලු මිල ගණන් කිහිපයක් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ මාසයකට ඩොලර් 2 ත් 4 ත් අතර ප්‍රමාණයකින් ගාස්තු ඉහළ දැමීමට සැළසුම් කර ඇති බවයි.

පසුගෙවුම් පාරිභෝගිකයින් සඳහා ලබන අගෝස්තු මස 27වනදා සිට ද පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා ඔක්තෝබර් 22 වනදා සිටද අදාළ ගාස්තු ඉහළ යන බව සඳහන්.

මෙම ගාස්තු වෙනස්වීම් යටතේ, ටෙල්ස්ට්‍රා හි අඩුම ස්ථාවර ගාස්තුවක් සහිත පසුගෙවුම් පැකේජ දෙකෙහි පාරිභෝගිකයින් සඳහා දත්තවලට පැවති වේග සීමාවන් ද ඉවත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

Telstra සමාගම පසුගිය මාර්තු මාසයේදී ඩොලර් මිලියන 350ක් ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස රැකියා 2800ක් කප්පාදු කළ අතර ජුලි මාසයේ දී කිසිදු මිල වැඩිකිරීමක් සිදු නොකරන බවයි මීට පෙර දැනුම් දී තිබුණේ.

සමාගම පෙන්වා දෙන්නේ මෙම ගාස්තු වැඩි කිරීම මගින් පාරිභෝගිකයින්ට වැඩි බලපෑමක් සිදු නොවන අතර පවතින වියදම් සැලකිල්ලට ගෙන මෙම පියවරට එළඹී බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »