Search

ඔස්ට්‍රේලියාවේ රැකියා ක්ෂේත්‍රයේ වෙනසක්

රැකියා මාරු කරන ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටම් දක්වා පහත වැටී ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නව දත්තවලට අනුව අනාවරණ වී තිබෙනවා.

පසුගිය 2023 වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම වසරේ පෙබරවාරි දක්වා මාස 12ක කාලය තුළ තම රැකියාව වෙනස් කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සියයට 8ක් දක්වා පහත වැටී ඇති බවයි සඳහන් වන්නේ.

2023 වසරේ පෙබරවාරි මාසයේ ගණනය කළ සංඛ්‍යාලේඛනවලට අනුව මාස 12ක් තුළ එම අගය සටහන්ව තිබී ඇත්තේ සියයට 9.6ක් ලෙසටයි.

කොවිඩ් වසංගතයෙන් පසු කාලසීමාවේ රැකියා මාරු කරන පුද්ගලයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් පැවති අතර වර්තමානයේ ආර්ථික තත්වයන් එම අනුපාතය වසංගතයට පෙර පැවති තත්වයට ගෙන එනු ඇති බවටයි සැලකෙන්නේ.

ප්‍රවාහන, තැපැල් සහ ගබඩා යන අංශවල මෙන්ම තොරතුරු, මාධ්‍ය සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සියයට 1.8ක් වැඩි පිරිසක් රැකියා වෙනස් කර ඇති බව සඳහන්.

වසර තුනකට පසු පළමු වරට රැකියා වෙනස් කරන්නන්ගේ සංඛ්‍යාව තියුණු ලෙස පහත වැටීම ඔස්ට්‍රේලියානු රැකියා වෙළඳපොලේ තත්ත්වය යහපත් වෙමින් පවතින බවට පෙන්නුම් කරන බවයි මානව සම්පත් සමාගමක් වන රිවෝඩ් ගේට්වේහි (Reward Gateway) කළමනාකාර අධ්‍යක්ෂ කය්ලි ග්‍රීන් (Kylie Green) ප්‍රකාශ කළේ.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »