ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන්න ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවකට අවස්ථාව

වයස අවුරුදු 20න් පහළ ලෝක කනිෂ්ඨ Ultimate Frisbee ශූරතාවලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික තරුණියක් වන දුලනිතා මෙන්ඩිස්ට අවස්ථාව උදාවී තිබෙනවා.

ප්‍රාන්ත තරඟාවලියේ සිට ඔස්ට්‍රේලියා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම ඇදහිය නොහැකි ගෞරවයක් වන අතර තමන් ආඩම්බරයෙන් ශ්‍රී ලාංකීය උරුමය රැගෙන යන බවයි ඇය ප්‍රකාශ කළේ.

හිමි වූ මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් දුලනිතා සඳහන් කළේ තමා ඉපදී ඇත්තේ කොළඹ වන අතර තමාට අවුරුදු දෙක පමණ වයසේදී පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ජීවිතය වෙනස් කළ තීරණයක් ගෙන තිබූ බවයි.

අනතුරුව මෙල්බන්වල හැදී වැඩුණේ ශ්‍රී ලංකාවේ සිරිත් විරිත් සහ ඔස්ට්‍රේලියානු ජීවන රටාව සමග සම්මිශ්‍රණයකින් බව ඇය ප්‍රකාශ කළා.

Frisbee ක්‍රීඩාව පාපන්දු තරගවලදී මෙන් විඳදරාගැනීම, පාපන්දු සහ පැසිපන්දු ක්‍රීඩා විලාශයන් ඒකාබද්ධ වී ඇති අතර කණ්ඩායම් ක්‍රියාකාරකම්, උපාය මාර්ගය සහ විඳදරාගැනීම හුරු කෙරෙන බවයි දුලනිතා මෙන්ඩිස් සඳහන් කළේ.

දුලනිතාගේ Frisbee ක්‍රීඩා ගමන ආරම්භ වී ඇත්තේ ජෝන් මොනෑෂ් පාසලෙන් වන අතර එහි සාරා ඇඩොල්ෆ් නම් ගුරුවරිය ඇයව ක්‍රීඩාවට හඳුන්වා දී තිබෙනවා.

මේ වන විට මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පළමු වසර හෙද සිසුවියක් වන ඇයට එම අධ්‍යාපනය මගින් ද ක්‍රීඩාවට අවශ්‍ය ඔරොත්තු දීමේ හැකියාව සහ කාල කළමනාකරණය ඉගෙන ගැනීමට හැකි වූ බවයි සඳහන් කළේ.

තමා ක්ෂේත්‍ර දෙකට වෙනුවෙන්ම කැපවී කටයුතු කරන අතර රෝගී සත්කාරක සේවාවේ හෝ ක්‍රීඩාවේ විශිෂ්ට වෙනසක් ඇති කිරීමට අරමුණ බව ද දුලනිතා මෙන්ඩිස් ප්‍රකාශ කර තිබෙනවා.

වයස අවුරුදු 20න් පහළ ලෝක කනිෂ්ඨ Ultimate Frisbee ශූරතාවලිය එංගලන්තයේ බර්මින්හැම්හිදී ලබන 21 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ලොව පුරා සිටින අවුරුදු 20 න් පහළ ක්‍රීඩිකාවන් සඳහා වන ජාතික කණ්ඩායම් විවෘත සහ මිශ්‍ර අංශ යටතේ තරඟ කරනු ඇති.

මෙවර තරගාවලියට රටවල් 20කට අධික සංඛ්‍යාවකින් 1000කට අධික ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වනු ඇති බවටයි සංවිධායක මණ්ඩලය අපේක්ෂා කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »