විශ්‍රාම ගත් ඩේවිඩ් වෝනර් යළිත් ජාත්‍යන්තර පිටියට

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්ත ද ලබන වසරේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බව ප්‍රවීණ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසනවා.

ලබන වසරේ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තමන් තවමත් සූදානමින් පසුවන බවයි ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ.

37 හැවිරිදි ඩේවිඩ් වෝනර් පසුගිය ජනවාරි මාසයේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගත් අතර 2023 වසරේ පැවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තම අවසන් එක්දින ජාත්‍යන්තර තරගාවලිය බව ප්‍රකාශ කර තිබුණා.

2025 ශූරයින්ගේ කුසලානය ක්‍රීඩා කිරීමට තමා සූදානම් බවයි වෝනර් එක්දින පිටියෙන් සමු ගැනීම නිවේදනය කරන අවස්ථාවේ ද සඳහන් කළේ.

පසුගියදා අවසන් වූ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔහුගේ අවසන් 20-20 ජාත්‍යන්තර තරගාවලිය ලෙසටයි සැලකෙන්නේ.

කෙසේ වෙතත් තම Instagram ගිණුමෙහි සටහනක් තබමින් වෝනර් ප්‍රකාශ කර ඇත්තේ 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තමා තවමත් සූදානමින් සිටින බවයි.

ශූරයින්ගේ කුසලාන තරගාවලියට තමාව තෝරා ගතහොත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් බව ඩේවිඩ් වෝනර් සඳහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »