විද්‍යුත් වාහනවලින් කැන්බරා සිට වික්ටෝරියා ප්‍රාන්තයට විදුලිය

විද්‍යුත් වාහනවල බැටරි මගින් ජාතික විදුලිබල පද්ධතියට බලය සැපයිය හැකි බවට ඔස්ට්‍රේලියාවේ නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වූ විශාල විදුලිය විසන්ධි වීමකදී කැන්බරා හි විදුලි වාහන බැටරිවලින් ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙමිනුයි විශේෂඥයින් මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ.

මෙය තවදුරටත් සංවර්ධනය කිරීම මගින් අනාගතයේදී මීට වඩා දෙයක් කළ හැකි බව විශේෂඥයින් ප්‍රකාශ කර තිබෙනවා.

පර්යේෂණයට යොදා ගත් විද්‍යුත් වාහන බැටරි මගින් කුඩා විදුලි බලයක් ලබා දුන් අතර එම අත්හදා බැලීම සාර්ථක ලෙස සලකන බව විශේෂඥයින් සඳහන් කළා.

පසුගිය පෙබරවාරි මාසයේ ඇතිවූ කුණාටුවකින් මෙල්බර්න් නගරාසන්න ප්‍රදේශයක විදුලි රැහැන් කඩා වැටීමෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ පාරිභෝගිකයින් 500,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වුණා.

එම අවස්ථාවේදීයි කැන්බරා සිට විදුලි වාහනවල බැටරි මාර්ගයෙන් ජාතික විදුලිබල පද්ධතියට බලය ලබා දී මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ.

ව්‍යාපෘතියට සම්බන්ධ මෝටර් රථ 51කින් මෝටර් රථ 16ක් පමණක් ඊට යොදාගෙන තිබූ අතර එම බලශක්තිය වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාසවල විදුලි පහන් දැල්වීමට තරම් ප්‍රමාණවත් බලයක් නිපද වීමට හැකි නොවුණ ද එය තවදුරටත් සංවර්ධනය කළ හැකි බවයි පර්යේෂකයන් සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් එම වාහන බැටරි මගින් විදුලිබල පද්ධතියට කිලෝවොට් 100 කට වඩා ධාරිතාවක් ලබාදී ඇති අතර පද්ධතියේ සැපයුම සහ ඉල්ලුම නැවත සමතුලිත කිරීමට දායක වූ බව ඔවුන් පෙන්වා දුන්නා.

පර්යේෂකයන් පැවසුවේ පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ අලෙවි කරන ලද විදුලි වාහන 100,000 මගින් අවශ්‍ය අවස්ථාවක ජාතික විදුලිබල පද්ධතියට බලය ලබා දිය හැකි නම් එය නිව් සවුත්වේල්ස් සහ අග නගර කලාපයේ භාවිතා කරන විදුලි ප්‍රමාණයට සමාන බලයක් සපයනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »