Centrelink ගෙවීම් ලබන අයට Tax Return ගැන දැනුම්දීමක්

සෙන්ටර්ලින්ක් (Centerlink) යටතේ ෆෙඩරල් රජයෙන් කිසියම් හෝ සහනාධාර දීමනාවක් ලබන ඔස්ට්‍රේලියානුවන් මෙවර Tax Return අයදුම්පත් ගොනු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

මේ අනුව JobSeeker, Youth Allowance, Age Pension සහ Parental Leave ඇතුළු Centerlink ගෙවීම් ලබන්නන් මෙම ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවටයි දැනුම් දෙන්නේ.

ඒ අනුව ඔවුන් Tax Return අයදුම්පත් ඉදිරිපත් කිරීම හෝ බදුවලට අයත් නොවන ගෙවීමක් තමන්ට ලැබෙන බව පැහැදිලි කරන පෝරමයක් සම්පූර්ණ කළ යුතුයි.

JobSeeker, Youth Allowance, Age Pension සහ Parental Leave ඇතුළු Centerlink ගෙවීම් ලබන ඔස්ට්‍රේලියානුවන් මෙම බදු ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබන අතර ඒවා ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වෙත Tax Return ගොනු කිරීම අවශ්‍ය වනවා.

Carer Payment සහ Disability Support Pension වැනි ගෙවීම් සඳහා Tax Return අයදුම්පත් ගොනු කිරීම අවශ්‍ය නොවන අතර කෙසේ වෙතත් එම ගෙවීම් ලබන පුද්ගලයින් බදු කාර්යාලය වෙත දැනුම් දීම සඳහා non-lodgement advice පෝරමයක් සම්පූර්ණ කළ යුතුයි.

Service Australia ආයතනය බදු ප්‍රතිලභින්ට දැනුම් දෙන්නේ තම Tax Return අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර සියලු තොරතුරු නිවැරදි දැයි පරීක්ෂා කර බලන ලෙසටයි.

බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් රොබ් තොම්සන් ජනතාවට දැනුම් දෙන්නේ tax return අයදුම්පත් කාලය තරඟයක් නොවන බැවින් නිවැරදිව අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙසටයි.

ඉක්මනින් tax return ගොනු කිරීමට කටයුතු කරන පුද්ගලයින්ට බැංකු පොලී, සමස්ත ආදායම, රාජ්‍ය ආයතනවලින් ගෙවීම් සහ පෞද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ තොරතුරු ඇතුළත් කිරීමට මගහැරෙන බව ඔහු පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »