ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය ජාත්‍යන්තර ගුවන් සේවා 10 මෙන්න

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනප්‍රිය ජාත්‍යන්තර ගුවන් සේවා 10 නම් කර තිබෙනවා.

ලෝකය පුරා ක්‍රියාත්මක ජාත්‍යන්තර ගුවන් සමාගම් 62 අතුරිනුයි ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය වී ඇති ගුවන් සේවා 10 නම් කර ඇත්තේ.

ඉන් පළමු ස්ථානය මෙරට ජාතික ගුවන් සේවය වන Qantas Airways හිමි කරගෙන තිබෙනවා.

සමාගමේ මෑත කාලීන ගැටලු හමුවේ වුවද ඔස්ට්‍රේලියානු මගීන්ගේ ප්‍රමුඛතම තේරීම ලෙස Qantas Airways පත්ව සිටින අතර මෙරට ගුවන් ගමන්වල නිරත වූවන්ගෙන් සියයට 17.1ක පිරිසක් එය භාවිතා කර ඇති බවයි සඳහන් වන්නේ.

එම සංඛ්‍යාව පසුගිය 2023 වසරට වඩා සියයට 0.1ක වැඩි වීමක්.

දෙවන ස්ථානය ජෙට්ස්ටාර් (JETstar) සමාගමට හිමිවී ඇති අතර JETstar යනු පසුගිය ජුනි මාසයේ ඔස්ට්‍රේලියාව තුළ දෙවනුවට වැඩිම මගීන් පිරිසක් ප්‍රවාහනය කළ ගුවන් සේවයයි.

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනප්‍රිය ජාත්‍යන්තර ගුවන් සේවා අතරින් තුන්වන ස්ථානය සිංගප්පූරු ගුවන් සේවය හිමි කරගෙන තිබෙනවා.

මේ වන විට නිකුත් වී ඇති තොරතුරුවලට අනුව මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් මගීන් මිලියන 3.2 කට වැඩි පිරිසක් ජාත්‍යන්තර ගුවන් ගමන්වල නිරත වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව Air New Zealand, Emirates, Qatar Airways, Cathay Pacific Airways, Virgin Australia, Scoot Tigerair සහ Malaysia Airlines යන සමාගම් පිළිවෙලින් 4 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා හිමි කරගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »