මෙල්බර්න් අවට ප්‍රදේශවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළට

මෙල්බර්න් සහ අවට ප්‍රදේශවල පවුල් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සිදුවීම් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

සාමාන්‍යයෙන් අදාළ චෝදනා මත දිනකට අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව 17ක් පමණ වන බවයි නව පොලිස් වාර්තා මගින් තහවුරු වී ඇත්තේ.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා මෙල්බර්න් තදාසන්න ප්‍රදේශ කිහිපයක් පුරා සිදු වූ පවුල් ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදුවීම් හේතුවෙන් චෝදනා 7500කට වැඩි පිරිසක් ගොනු කර ඇති බව සඳහන්.

කාර්ඩිනියා (Cardinia), කේසි (Casey), ෆ්‍රෑන්ක්ස්ටන් (Frankston), ඩැන්ඩිනොන්ග් (Dandenong) සහ මෝර්නින්ටන් (Mornington) ප්‍රදේශවලින් වැඩි වශයෙන් පවුල් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීම් වාර්තා වී තිබෙනවා.

පසුගිය මාර්තු මාසය දක්වා වූ වසරක කාලයක් තුළ කේසි ප්‍රදේශයෙන් ප්‍රාන්තයේ වැඩිම පවුල් ප්‍රචණ්ඩත්ව සිදුවීම් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 5564ක්.

සිදුවීම් 3010ක් සමගින් ෆ්‍රෑන්ක්ස්ටන් ප්‍රදේශය හයවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

Dandenong ප්‍රදේශයෙන් අදාළ කාලය තුළ සිදුවීම් 2613ක් වාර්තා වූ අතර Mornington ප්‍රදේශයෙන් සිදුවීම් 2138ක් සහ කාර්ඩිනියා ප්‍රදේශයෙන් 1669ක් වාර්තා වී ඇති බව සඳහන්.

මාර්තු මාසයෙන් අවසන් වූ වර්ෂය තුළ, පොලිසියට වාර්තා වූ පවුල් ප්‍රචණ්ඩත්ව සිද්දීන් සියයට තුනකින් ඉහළ ගොස් ඇති අතර එම කාලය තුළ සිදුවීම් 96,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

පොලිස් පරීක්ෂක රොඩ් මැරෝනි පැවසුවේ 2024 වසරේ දී අත්අඩංගුවට ගැනීම් ප්‍රමාණය මේ දක්වා දිනකට 17ක් පමණ වන අතර පොලිසියේ රාජකාරීවලින් බහුතරයක් පවුල් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ ඒවා බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »