මූල්‍ය වංචාවන්ට හසුවූ ඔස්ට්‍රේලියානුවන් යළිත් වංචාවකට හසුවෙයි

මූල්‍ය වංචාවන්ට හසු වූ ඔස්ට්‍රේලියානුවන්ගේ අහිමි වූ මුදල් නැවත ලබා දෙන බව පවසා යළිත් වංචාවන්ට හසුකර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම (ACCC) අනතුරු අඟවනවා.

එබැවින් පෙර වංචාවන් හේතුවෙන් මුදල් අහිමි වූ ඔස්ට්‍රේලියානුවන්ගෙන් කොමිසම ඉල්ලා සිටින්නේ තමන්ගෙන් මුදල් අයකරමින් ලබා දෙන බව කියන දීමනා පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසයි.

අහිමි වූ මුදල් නැවත ලබා ගත හැකි බව ප්‍රකාශ කිරීම සම්බන්ධ වංචාවන් වැඩිවෙමින් පවතින අතර මෙම වසරේ ගතවූ මාස හය තුළ පමණක් Scam Watch වෙත එවැනි සිදුවීම් 158 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

2023 වසරේ දෙසැම්බර් මාසයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා කාලය තුළ එවැනි වංචා මගින් ඩොලර් මිලියන 2.9 කට අධික මුදලක් අහිමි වී ඇති බව වාර්තා වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම අනතුරු අඟවා ඇත්තේ මීට පෙර වංචාවලට හසු වූ පුද්ගලයින්ගේ පුද්ගලික තොරතුරු අපරාධකරුවන් සතුව තබා ගැනීම හෝ විකිණීම සිදු කරන බැවින් එවැනි පුද්ගලයන්ට වැඩි අවදානමක් ඇති බවයි.

මෙලෙස වංචාවට හසු වූ වැඩි පිරිසක් අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින් වීම විශේෂත්වයක්.

වංචාකරුවන් රාජ්‍ය ආයතන, නීතීඥයින් හෝ පුණ්‍යායතන වැනි විශ්වාසවන්ත පාර්ශවයන් ලෙස පෙනී සිටිමින් මෙම වංචාවේ නිරත වන බවට ද හෙළිවී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »