Search

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන්ට සනීපාරක්ෂාව ගැන ප්‍රශ්නයක්

ජීවන වියදම් අර්බුදය සමඟ අරගලයක නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට වර්තමානයේ දී සනීපාරක්ෂාවට අවශ්‍ය ද්‍රව්‍ය සුඛෝපභෝගී භාණ්ඩ බවට පත්වී ඇතැයි නව සමීක්ෂණයක් මගින් අනාවරණ වී තිබෙනවා.

ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් බොහෝ දෙනෙකුට සබන්, ෂැම්පු සහ ඩියෝඩ්‍රන්ට් මිලදී ගැනීමට නොහැකි වීම හමුවේ ඔවුන් සනීපාරක්ෂක දරිද්‍රතාවට පත්ව ඇති බවයි හෙළි වී ඇත්තේ.

මෙරට පුණ්‍යායතනයක් මගින් සිදු කළ සමීක්ෂණයට අනුව මිලියන හතරකට අධික ජනතාවක් අත්‍යවශ්‍ය පුද්ගලික සනීපාරක්ෂක භාණ්ඩ හෝ නිවාස පිරිසිදු කිරීමේ නිෂ්පාදන මිලදී ගැනීම මඟ හැර ඇති බව සඳහන්.

ආහාර ගැනීම හෝ පිරිසිදුව සිටීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට පවුල්වලට සිදු වීම කම්පා සහගත සිදුවීමක් බවයි සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ.

සනීපාරක්ෂාව සම්බන්ධ කරුණු පිළිබඳ කිසිවෙකු ප්‍රසිද්ධියේ වැඩි වශයෙන් අදහස් නොදැක්වීම හේතුවෙන් එය සැඟවී ඇති ගැටලුවක් බවට පත්වී තිබෙනවා.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකුටම සනීපාරක්ෂක හෝ පිරිසිදු කිරීමේ නිෂ්පාදන ලබා ගැනීමට ඇති නොහැකියාව ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බලපා ඇති බව සඳහන්.

මෙම තත්වය තම සෞඛ්‍යයට ද අහිතකර ලෙස බලපා ඇති බව තවත් සියයට 10ක් ප්‍රකාශ කර ඇති අතර තවත් සියයට 8ක් කියා සිටියේ සනීපාරක්ෂක දරිද්‍රතාවයේ බලපෑමෙන් වැදගත් සමාජ සිදුවීම් හෝ ක්‍රියාවන් තම ජීවිතයට මඟ හැරුණු බවයි.

පිරිමින් හා සංසන්දනය කිරීමේදී කාන්තාවන්ට මෙම ගැටලුවෙන් බලපෑම් එල්ල වීම වැඩි අතර සමීක්ෂණයට ලක් වූවන්ගෙන් සියයට 16ක් කියා සිටියේ තමන්ට මිල ගණන් දැරිය නොහැකි නිසා සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීම මඟ හැර ඇති බවයි.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »