මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් දෙමාපියන්ට පණිවුඩයක්

ඔස්ට්‍රේලියානු දරුවන්ගේ අධ්‍යාපනයේ ඇති සාර්ථකත්වය පිළිබඳ මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා අත්‍යාවශ්‍යම සාධක පිළිබඳ මෙහිදි කරුණු තුනක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නව පාසැල් වාරයක් ආරම්භ කරන සෑම අවස්ථාවකම ළමයින්ගේ පොත්පත්, ඇඳුම්, සපත්තු ඇතුලු උපකරණ ගැන පමණක් වැඩි අවධානයක් යොමු කරන බව මෙහිදී මූලික වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

නමුත් පර්යේෂකයින් පෙන්වා දෙන්නේ එම උපකරණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ආකාරයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට ද සැලකිලිමත් විය යුතු බවයි.

දරුවන්ගේ ශ්‍රවණය, දර්ශනය සහ සන්නිවේදනය යන සාධක තුන පිළිබඳව ද දෙමාපිය අවධානය වඩාත් වැදගත් බවයි දැනුම් දෙන්නේ.

දරුවා නිවැරදි සවන් දෙන්නෙක් ද යන්න සහ කිසියම් ශ්‍රවණ ආබාධයක් ඔවුන්ට පවතී ද යන්න මූලිකව හඳුනාගත යුතුයි.

දරුවෙකුගේ ඉගෙනීමෙන් සියයට 80ක් ඇස් හරහා සිදු වන අතර හොද පෙනීමක් පවතී ද යන්න පිළිබඳව ද සැළකිලිමත් විය යුතු අතර තුන්වන කරුණ වන්නේ භාෂා සංවර්ධනය හා හොඳ සන්නිවේදනයයි.

මෙම කරුණු තුන සම්බන්ධයෙන් ද දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපනයේ දී මුලික වශයෙන් අවධානය යොමු කළ යුතු බවයි මෙල්බන් විශ්ව විද්‍යාල පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »