ඔස්ට්‍රේලියානු ව්‍යාපාර මුහුණ දෙන මූලික ගැටලු හඳුනා ගැනෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම ව්‍යාපාර 4න් එකකම නව්‍යකරණයට පවතින බාධාවක් ලෙස නිපුණතා පිරි ශ්‍රමිකයින්ගේ හිඟය බලපා ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ව්‍යාපාර නව්‍යකරණයට වූ ඉහළම බාධා ලෙස ප්‍රධාන ගැටලු පහක් හඳුනාගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරවලින් සියයට 40ක් කුමන හෝ බාධාවකට මුහුණ දී ඇති බවයි සඳහන් වන්නේ.

ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශ දත්තවලට අනුව මෙම ගැටලු හඳුනාගෙන ඇති අතර දක්ෂ ශ්‍රමිකයින්ගේ හිඟය ඒ අතරින් ප්‍රධාන ගැටලුවක් වනවා.

අරමුදල් සඳහා ප්‍රවේශයක් නොමැති කම සහ අධික පිරිවැය ව්‍යාපාර නවෝත්පාදනය සඳහා බලපෑම් කරන බව මෙහිදී හෙළිවී තිබෙනවා.

භාණ්ඩ සහ සේවාවල පවතින අවිනිශ්චිතතාව ද මේ සඳහා බලපෑම් කරන අතර රජයේ රෙගුලාසි වැනි සාධක ද මේ සඳහා බලපෑම් කරනු බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් ෆෙඩරල් රජය සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් පනවා ඇති සීමා ද පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයට හේතු වී ඇති බව විචාරකයින් පෙන්වා දෙනවා.

එබැවින් ෆෙඩරල් රජය පුහුණු ශ්‍රමික ගැටලුව විසදීම සඳහා මැදිහත් විය යුතු බවයි ව්‍යාපාරකයින් පවසන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »