මෙල්බන් කසළ බඳුනකින් හමුවූ අබිරහස් කාන්තා මරණයේ සුල මුල හෙළිවෙයි

මෙල්බර්න් නගරයේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක තිබී හමු වූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සතියේ බදාදා මෙල්බර්න් කූලරූ (Coolaroo) ප්‍රදේශයෙන් එපිං හි (Epping) පිහිටි අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගිය කසල බඳුනක තිබියදී යි මෙම කාන්තා මළ සිරුර සොයා ගැනුනේ.

කිසියම් පුද්ගලයෙකු දින කිහිපයකට පෙර මෙම කාන්තාව පදිංචිව සිටි නිවස ආසන්නයේ මෝටර් රථයක් නවතා නිවසට ගොස් එහි සිට කසල බඳුන් රැගෙන පැමිණ මාර්ගය අසල තබන ආකාරය දුටු බව අසල්වාසීන් ප්‍රකාශ කර තිබුණා.

67 හැවිරිදි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් නිශ්චිතව හෙළිවී නැහැ.

පොලිසිය මෙම සිද්ධියට අදාළව අද පෙරවරු 11.15ට පමණ අත්අඩංගුවට ගත් 45 හැවිරිදි පුද්ගලයාගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇති කාන්තාව සහ මෙම සැකකරු එකිනෙකා හඳුනන අය බවට පොලිසිය සැක කරනවා.

මෙම මළ සිරුර හමුවීම සමග අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද කම්පනයට පත්වී ඇති අතර ඔවුන්ට අවශ්‍ය සහාය සහ උපදේශනය ලබාදෙන බවයි එහි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »