නිවාස ණය නිසා ඔස්ට්‍රේලියානුවන්ට තවත් ගැටලුවක්

ජීවන වියදම් පීඩනය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ බොහෝ පිරිසක් තම නිවාස ණය සහ උකස් ගෙවීම් කිරීමේ අරගලයක නිරත වන බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ෆයින්ඩර් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් තම නිවාස ණය සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණදී සිටින බවයි.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 21ක් ඔවුන්ගේ උකසෙහි අවම මුදල පවා ගෙවීමේ අපහසු ගෙවීමේ අපහසුතාවලින් පෙළෙන බව හෙළිවී තිබෙනවා.

ෆයින්ඩර් නිවාස ණය පිළිබඳ විශේෂඥ රිචඩ් විටන් ප්‍රකාශ කළේ ජනතාවගේ අදායමෙන් විශාල කොටසක් ඔවුන්ගේ උකස්වලට වෙන් කර ඇති බවයි.

පසුගිය වසර කිහිපය තුළ තම ණය පැහැර හරින උකස් හිමියන්ගේ සංඛ්‍යාව ද ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර මාර්තු මාසයේ ගෙවිය යුතු ඩොලර් බිලියන 14.6ක නිවාස ණය මෙතෙක් ගෙවා නොමැති බවයි හෙළිවී ඇත්තේ.

මේ හේතුවෙන් උකස් හිමියන්ට දැනුම් දෙන්නේ බැංකු ඇතුලු තම මුල්‍ය ආයතනවලින් පවතින දුෂ්කරතා සඳහා ආධාර ලබා ගන්නා ලෙසටයි.

මුල්‍ය ආතතියෙන් පෙළෙන ගනුදෙනුකරුවන්ට සහාය වීමට බැංකුවලට වගකීමක් ඇති බැවින් ලැජ්ජා වීමකින් තොරව තම ගැටලු නිරාකරණය කර ගැනීමට ඔවුන් හමුවන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »