අත්හැර දැමූ කුතුහලය දනවන ඔස්ට්‍රේලියාවේ ගොඩනැගිල්ල ලෝකයෙන්ම පළමු තැනට

ලෝකයේ වඩාත්ම කුතුහලය දනවන අතහැර දැමූ ස්ථාන ලැයිස්තුවේ පළමු තැනට ඔස්ට්‍රේලියාවේ ගොඩනැගිලි සංකීර්ණයක් නම් කර තිබෙනවා.

ලොව පුරා පිහිටි මෙවැනි අතහැර දැමූ ගොඩනැගිලි සහ ස්ථාන නැරඹීමට සෑම වසරකම සංචාරකයන් දහස් ගණනක් ගමන් කරන බවයි මෙම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.

එලෙස ගමන් කරන සංචාරකයන් Instagram ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ඡායාරූප සහ අදහස් සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා.

එහි පළමු තැන ලැබී ඇත්තේ ටස්මේනියාවේ පෝට් ආතර් (Port Arthur) ගොඩනැගිලි සංකීර්ණයට යි.

1830 වසරේදී දැව සැකසුම් ස්ථානයක් ලෙස ආරම්භ කළ පෝර්ට් ආතර් වෙත සෑම වසරකම සංචාරකයින් මිලියන හතරකට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කරන බව සඳහන් වන්නේ.

මෙම ප්‍රදේශය ඔස්ට්‍රේලියානු අතීතය පෙන්නුම් කෙරෙන සංකේතයක් ලෙස ද හැඳින්වෙන බව මෙම සමීක්ෂණය මගින් පෙන්වා දී තිබෙනවා.

අතහැර දැමූ ජනප්‍රිය ස්ථාන අතරින් දෙවන තැන ලැබී ඇත්තේ ජර්මනියේ ටියුෆෙල්ස්බර්ග් (Teufelsberg) කුළුණටයි.

ටියුෆෙල්ස්බර්ග් යනු ඇමරිකාව සහ සෝවියට් සංගමය අතර යුද සමයේදී භාවිතා කළ ලොව විශාලතම සන්නිවේදන කුළුණුවලින් එකක් ලෙසටයි සැලකෙන්නේ.

සෑම වසරකම පුද්ගලයින් 128,000ක් පමණ මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන බව සඳහන්.

තුන්වන ස්ථානයට ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි Croix-Rouge දුම්රිය ස්ථානය නම් කර තිබෙනවා.

ප්‍රංශය දෙවන ලෝක යුද්ධයට පිවිසීමෙන් පසු 1939 සිට මෙම දුම්රිය ස්ථානය අත්හැර දමා ඇත.

වසර 16ක් පමණක් ක්‍රියාකාරී තත්වයේ පැවති මෙම දුම්රිය ස්ථානය නැරඹීමට වාර්ෂිකව 95,000ක් පමණ සංචාරකයන් පිරිසක් පැමිණෙන බවයි වාර්තා වන්නේ.

ඇමරිකා එක්සත් ජනපදයේ බන්ධනාගාරයක් සහ හිට්ලර් ඇතුලු හමුදා සාමාජිකයන් ප්‍රතිකාර ලැබූ ජර්මනියේ හමුදා රෝහලක්, ඇතුලු ස්ථාන රැසක් ද මෙම ලැයිස්තුවට ඇතුලත්.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »