වික්ටෝරියා පොලිසියේ ඇස් වසා කළ ජාවාරම තවදුරටත් කරගෙන යන්න බැරිවෙයි

ඩොලර් මිලියන 6ක් වටිනා නීති විරෝධී දුම්කොළ ටොන් 3ක් වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය සහ බදු කාර්යාලය Landsborough සහ Barkly ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී යි මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ.

මෙම මෙහෙයුම්වලදී ගංජා කිලෝ එක හමාරක්, ඩොලර් 60,000ක මුදල්, ජීව උණ්ඩ, ඩොලර් 60,000 ක් පමණ මුදල්, වෙඩි උණ්ඩ 10ක් සහ ගිනි අවි 7ක් සොයාගෙන තිබෙනවා.

අවුරුදු 30, 35, 39 සහ 47 වයස්වල පසුවන සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා ඇප මත නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසියේ සෝදිසියට ලක්වූ දේපළ නීති විරෝධී දුම්කොළ ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක නායකයෙකුට සම්බන්ධ බවට සැක කෙරෙනවා.

මීට පෙර ද වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් ඇතුලු ප්‍රදේශ කිහිපයක සිදු කළ මෙවැනි මෙහෙයුම්වලින් ඩොලර් මිලියන 12ක දුම්කොළ සොයාගෙන තිබුණා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »