මෙල්බන්වල කුලී නිවාස හොයන අයට සුබ පණිවුඩයක්

ඔස්ට්‍රේලියාවේ බොහෝ තදාසන්න ප්‍රදේශයන්හි කුලි නිවාස මිල අගය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණ ද ප්‍රදේශ කිහිපයක කුලී නිවාස හේතුවෙන් වන ආතතිය අවම වී ඇති බව වාර්තා වනවා.

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, බටහිර ඔස්ට්‍රේලියාව සහ ටස්මේනියා ප්‍රාන්තයන්වල කුලී ආතතිය යම්තාක් දුරට පහව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙල්බන් සහ සිඩ්නි අගනුවර ආශ්‍රිත කුලී නිවාස පුරප්පාඩු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර විචාරකයින් පෙන්වා දෙන්නේ කුලී නිවාස පීඩනය ලිහිල් වුව ද නිවාස අර්බුදය තවදුරටත් ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රශ්නයක් වන බවයි.

ටස්මේනියා ප්‍රාන්තයේ කුලි නිවාස මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණ ද ඉහළ කුලී වියදම තවමත් එළෙසම පවතින බව සඳහන්.

නිසි ආකාරව කුළි නිවාස මිල පහත වැටීම යනුවෙන් හඳුන්වා දිය හැක්කේ නිවසක ආදායමෙන් කුලී වියදම සියයට 30 ට වඩා පහත වැටීමෙන් පසු බවයි ආර්ථික විශේෂයින් පෙන්වා දෙන්නේ.

ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත තවමත් කුලී නිවාස වෙළදපළෙහි වාර්තාගත ඉහළ මට්ටමක් පවත්වාගෙන යන බව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »