ප්‍රතිකාරයක් නැති රෝගයක් ගැන වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයකට ජනතාවට දැනුම්දීමක්

වසර 20කට පමණ පසු ඔස්ට්‍රේලියාවේ ගැස්ට්‍රෝ (Gastroenteritis) නමින් හැඳින්වෙන ආමාශගත රෝගය ව්‍යාප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

වික්ටෝරියා, ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් ප්‍රන්තවලින් රෝගීන් වැඩි වශයෙන් හමුවන අතර වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 11,747 ක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වසරේ හමු වූ රෝගීන්ගෙන් හතරෙන් එකක් වයස අවුරුදු හතරට අඩු ළමුන් බවයි පැවසෙන්නේ.

පැස්ටරීකරණය නොකළ කිරි හෝ කිරි නිෂ්පාදන පරිභෝජනය, අපිරිසිදු ජලය පානය, එවැනි අපිරිසිදු ජලයේ පිහිනීම වැනි ක්‍රමවලින් රෝගය පැතිරෙන බව සඳහන්.

රෝගයේ වඩාත් සුලභ රෝග ලක්ෂණ වන්නේ පාචනය, උණ, ඔක්කාරය සහ වමනය වැනි ලක්ෂණයි.

මේ වන විට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රෝගීන් 5,794ක්, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ රෝගීන් 2,855ක්, වික්ටෝරියා ප්‍රාන්තයෙන් රෝගීන් 1,741 ක් සහ අනෙකුත් ප්‍රාන්තවලින් රෝගීන් 1,000 ට වඩා අඩුවෙන් වාර්තා වී තිබෙනවා.

විවේක ගැනීම සහ හොඳින් දියර වර්ග පානය කිරීම හැර රෝගය සඳහා ප්‍රතිකාරයක් නොමැති අතර ආරක්ෂා වීමට කළ යුතු ප්‍රධානම දෙය එය පැතිරීම වළක්වා ගැනීම බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළා.

වැසිකිළිය භාවිතා කරන සෑම අවස්ථාවකම මෙන්ම සතුන් හෝ පොහොර ස්පර්ශ කිරීමෙන් පසු හොඳින් අත් සේදීම වැනි ක්‍රම මගින් රෝගයෙන් ආරක්ෂා වීමට හැකි බවයි ජනතාවට දැනුම් දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »