ළමයින් සමග බස් රථය බේරා ගත් ගෝල්ඩ් කෝස්ට් සිසුවියගේ වීර ක්‍රියාව

ගෝල්ඩ් කෝස්ට්හි පාසල් ළමයින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක රියදුරෙකුට හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් එම බස් රථය ආරක්ෂිතව නතර කර ගත් පාසල් සිසුවියක් පිළිබඳ වාර්තා වනවා.

බසය පාසල් ළමුන් ද රැගෙන යමින් සිටියදී රියදුරුට හෘදයාබාධයක් වැළඳී ඇති අතර එම අවස්ථාවේ මෙම සිසුවිය බසය ආරක්ෂිතව අනෙක් වාහනවලට අනතුරක් නොවන පරිදි මාර්ගයේ පසෙකට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ පස්වරු 3.30ට පමණ ගෝල්ඩ් කෝස්ට් ප්‍රදේශයේ සවුත්පෝට්හි මංසන්ධියක් ආසන්නයේ මාර්ගය වෙන් කිරීමට ඇති කොන්ක්‍රීට් තීරුවක ගැටී ගැටීමෙන් බස් රථය නතර වී තිබෙනවා.

එම අවස්ථාවේ බස් රථය තුළ ඇක්වයිනාස් විද්‍යාලයේ සිසුන් 25 දෙනෙකු සිට ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

ගිලන් රථ වෛද්‍යවරු ද මෙම සිසුවියගේ ක්‍රියාව විශිෂ්ට කටයුත්තක් බව සඳහන් කරමින් ඇගයීමට ලක් කර තිබෙනවා.

ඇක්වයිනාස් විද්‍යාලයේ විදුහල්පතිවරයා පස්වරුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පාසල් දරුවන් සියලු දෙනා ආරක්ෂිතව බේරා ගැනීමට සිසුවිය කළ ක්‍රියාව අගය කරන බවයි.

බස් රථයේ රියදුරා ගෝල්ඩ් කෝස්ට් රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »