ක්ලබ් වසන්තට මරු කැඳවූ වෙඩි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නම් ව්‍යාපාරිකයා සහ තවත් අයෙකුට මරු කැඳවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කර ඇත්තේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගත් බවයි.

ඊයේ (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදීයි.

වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් දෙදෙනා කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවා ද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ කේ සුජීවා සහ තවත් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

තුවාල ලැබූවන් අතර ක්ලබ් වසන්තගේ බිරිඳ ද සිටින බවට වාර්තා වන අතර හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන ඇය ඊයේ සැත්කමකට ද ලක්කර ඇති බවයි සඳහන් වන්නේ.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් දෙදෙනා සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ ඇති බව සහ ටී 56 ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »