දරුවන්ට දෙන්න මේ බිස්කට් ගත්තා නම් වහාම ඉවත් කරන්නැයි දැනුම්දීමක්

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයක අලෙවි කරනු ලැබූ Morinaga Manna Bolo නම් කුඩා දරුවන්ට ලබාදෙන බිස්කට් වර්ගයක් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

අදාළ ළදරු බිස්කට් වර්ගය තුළ සතුන්ගේ අසූචි තිබිය හැකි බවට සිදු කර ඇති දැනුම් දීමක් මතයි ඒවා යළි කැඳවීමට සැලසුම් කර ඇත්තේ.

NSW, Queensland, Victoria සහ Western Australia හි Asian Grocery stores හි අලෙවි කර ඇති බිස්කට්වල සෑම පැකට්ටුවක්ම ආපසු කැඳවීමට ඇතුළත් වනවා.

අදාළ බිස්කට් වර්ගය මිලදී ගත් පාරිභෝගිකයින් ඒවා ආහාරයට නොගත යුතු අතර වහාම එය ආපසු ලබා දිය යුතු බවයි දැනුම් දෙන්නේ.

ජපන් නිෂ්පාදනයක් වන මෙම බිස්කට් මාස 7 සහ ඊට වැඩි දරුවන් සඳහා කැල්සියම් අඩංගු කෙටි ආහාරයක් ලෙස අලෙවි කෙරෙනවා.

නවසීලන්ත ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වින්සන්ට් ආර්බකල් පැවසුවේ, මෙම බිස්කට් වල සතුන්ගේ අපද්‍රව්‍ය අඩංගු වී ඇති බැවින් ඒවා දරුවන්ගේ ආහාරයට එක් වුව හොත් බැක්ටීරියා වලින් බරපතල ලෙස රෝගාතුර විය හැකි බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »