වික්ටෝරියානු වැසියන්ගේ මූලික අවශ්‍යතාවක් අනතුරේ

වික්ටෝරියානු වැඩිහිටියන්ගෙන් සියයට අටක් පමණ ආහාර අනාරක්ෂිතභාව අත්දකින බව මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදු කළ අධ්‍යනයකින් අනාවරණය වී තිබෙනවා.

2022 වසරේ සිට මෙම තත්වය වර්ධනය වී ඇති අතර ජීවන වියදම හමුවේ මෙලෙස වික්ටෝරියානු වැඩිහිටින් අපහසුතාවට පත්ව ඇති බව සඳහන්.

තවද 2022 වසරේ සිට මේ දක්වා වසර දෙකක කාලසීමාව තුළ සමස්ථ ප්‍රාන්තයේම ආහාර අනාරක්ෂිතභාව සියයට 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විචාරකයින් පෙන්වා දෙන්නේ ජනතාවට අවශ්‍ය ආහාර පද්ධතියක් සඳහා රජයන් සැලසුම් කළ යුතු අතර ප්‍රමාණවත් ආහාර සඳහා ඇති අයිතිය ප්‍රාන්තය තුළ සහතික කල යුතු බවයි.

නිවාස, ජලය, බලශක්තිය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ රැකියා ඇතුළු මානව අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරන ආකරයෙන්ම ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද බලධාරීන් අවධානය යොමු කළ යුතු බව මෙමගින් පෙන්වා දී තිබෙනවා.

මෙල්බන් විශ්ව විද්‍යාල පර්යේෂණ මගින් හෙළිව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ආහාර සඳහා වු ප්‍රවේශයට වැඩි අවධානයක් ප්‍රාන්ත බලධාරීන් ලබා දිය යුතු බවයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »