අතුරුගිරියේ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට – කේ සුජීවාට තුවාල

අතුරුගිරිය නගරාසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන කේ සුජීවා තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ 06 දෙනෙකු රෝහල් ගතකළ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් ජනප්‍රිය සමාජ ශාලා හිමිකරුවෙකු වන ක්ලබ් වසන්ත නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

අද(08) දින අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වීම සඳහා සුරේන්ද්‍ර වසන්ත සහ කේ. සුජීවා මෙම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළා.

රෝහල්ගත කර සිටි ගායන ශිල්පිණී කේ. සුජීවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මේවන විට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක අතර වෙඩි තැබීම සිදු කළ පාර්ශවයක් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නැහැ

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »