Search

සිඩ්නි නිවසේ ගින්නෙන් බේරුණු දරුවන් පියාගේ ක්‍රියාව ලොවට හෙළි කරයි

සිඩ්නි ලාලෝරා පාර්ක් (Lalor Park) ප්‍රදේශයේදී නිවසක ඇතිවූ ගින්නකින් දරුවන් තිදෙනෙකු මියයාම ගෘහස්ථ හිංසනය හේතුවෙන් සිදු වූ මිනී මැරුමක් ලෙසට සලකා විමර්ශන සිදු කරන බව නිව් සවුත්වේල්ස් පොලිසිය පවසනවා.

ඊයේ අලුයම 1ට පමණ හටගත් ගින්න සමග හදිසි සේවා කණ්ඩායම් මෙම ළමයින් බේරා ගැනීමට කළ උත්සාහයට ද සැකකාර 28 හැවිරිදි පුද්ගලයා බාධා කර ඇති බවයි පැවසෙන්නේ.

අසල්වාසීන් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම් දීමකට අනුව පොලිසිය සහ ගිනි නිවීම් ඒකකය එම ස්ථානයට පැමිණ තිබූ අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් මෙන්ම කුඩා ළමයින් 7 දෙනෙකු එහි සිට තිබෙනවා.

වයස අවුරුදු 3 සහ 6 වයස්වල පසු වූ කුඩා ළමයින් දෙදෙනෙකුට එම ස්ථානයේදී ප්‍රතිකාර ලබා දුන්න ද ඔවුන් බේරා ගැනීමට හැකි වී නැහැ.

ගින්න මැඩ පැවැත්වීමෙන් පසු නිවස තුළ මියගොස් සිටි මාස 10 ක් වයසැති බිලිඳෙක් සොයා ගැනුණා.

සහන සේවා කණ්ඩායම් ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ කරන අවස්ථාවේ සැකකාර පියා ළමයින් නැවතත් නිවස තුළට තල්ලු කළ බවට ද චෝදනා එල්ලවී තිබෙනවා.

මෙම ළමයින්ගේ මරණයට මෙම 28 හැවිරිදි සැකකරුගේ ක්‍රියාව සෘජුවම හේතු වූ බවටයි පොලිසිය පවසන්නේ.

වයස අවුරුදු නවයක ගැහැණු ළමයෙකු සහ වයස අවුරුදු 4, 7 සහ 11 යන වයස්වල පිරිමි ළමයින් තිදෙනෙකු මෙන්ම 29 හැවිරිදි කාන්තාවක් ද වෙස්ට්මීඩ් රෝහලට ඇතුලත් කර තිබෙනවා.

බේරා ගැනීමෙන් පසුව මෙම දරුවන් ප්‍රකාශ කර තිබුනේ තම පියා තමන්ව මරා දැමීමට උත්සාහ කළ බවටයි.

ගින්න හේතුවෙන් බියට පත් ළමයින් ආපසු නිවස තුළට ඇදගෙන යාමට උත්සාහ කරන ආකාරය තමන් දුටු බව ප්‍රදේශවාසීන් ද සඳහන් කර තිබෙනවා.

ගින්නට හේතුව කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිසිය පවසන අතර සැකකරු ද කෝමා තත්වයෙන් රෝහල් ගතව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »