ලොව හොඳම වෙරළ තීර අතරින් ඔස්ට්‍රේලියාව එක වෙද්දී ශ්‍රී ලංකාවට ලැබුණු තැන

TIME OUT සඟරාව විසින් ලෝකයේ හොඳම වෙරළ 30ක් පිළිබ‍ඳ නිකුත් කළ නවතම වාර්තාවකට අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හායිම්ස් බීච් (Hyams Beach) පළමු තැනට පත්ව තිබෙනවා.

වෙරළ තීරයන්වල පිහිටීම, ස්වභාව සෞන්දර්ය, සෞඛ්‍ය සම්පන්න පරිසරය වැනි නිර්නායක පදනම් කර ගනිමිනුයි මෙම ශ්‍රේණිගත කිරිම සිදු කර ඇත්තේ.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය කැරිබියන් දූපත් ආශ්‍රීත පිජන් පොයින්ට් (Pigeon Point) අවට වෙරළ තීරය දක්වා තිබෙනවා.

සංචාරක ආකර්ශනය සහ සංචාරකයින් දක්වා ඇති ප්‍රතිචාර අනුව සිදු කෙරුණු මෙම ශ්‍රේණිගත කිරීමෙන් තුන්වන ස්ථානයට පත්වී ඇත්තේ තායිලන්තයේ රෙයිලේ බීච් (Railay Beach) වෙරළ තීරයයි.

මෙම ශ්‍රේණිගත කිරීමේ 27 වන ස්ථානය ශ්‍රී ලංකාවේ වැලිගම මූහුදු තීරය නම් කර තිබීම විශේෂත්වයක්.

ගාල්ලේ සිට සැතපුම් 20ක් දුරින් පිහිටි වැලිගම මුහුදු තීරය ශ්‍රී ලංකාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක නැවතුමක් ලෙසටයි TIME OUT සඟරාව පෙන්වා දී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »