මාසයක් තිස්සේ සොයන වික්ටෝරියා කාන්තාව ගෙදරක් ළඟට ඇවිත් කරපු වැඩේ

වික්ටෝරියා ප්‍රාන්තයේ බැරලට් ප්‍රදේශයෙන් මාසයකට වැඩි කාලයක් අතුරුදන්ව සිටින කාන්තාවක් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා.

රෙනී නම් 42 හැවිරිදි මෙම කාන්තාව අවසන් වරට නිවසින් පිටවී ගොස් ඇත්තේ පසුගිය මැයි 30 වනදා පස්වරු 1.25ට පමණ බව සඳහන්.

ඇය එලෙස පිටවී යන අවස්ථාවේ තම සුරතලා වන කළු පැහැති බළලා ද රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ජූනි මස 2 වනදා උදෑසන 6 ට පමණ මෙම කාන්තාව Lucas ප්‍රදේශයේ නිවසක දොරට තට්ටු කර බළලා එම නිවසින් පිටත දමා ගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම ඇය එම අවස්ථාවේ අදාළ නිවසින් ඇඳුම් සහ ජලය ද ඉල්ලගෙන ඇති බවයි නිවෙස් හිමියන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

42 හැවිරිදි මෙම කාන්තාව රෝගී තත්ත්වයකින් පසුවන බැවින් මෙන්ම මෙතරම් කාලයක් අතුරුදන්ව සිටීම හමුවේ පවුලේ සාමාජිකයන් ද දැඩි කනස්සල්ලට පත්ව සිටින බව සඳහන්.

මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් සැක සහිත තත්වයක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මෙම කාන්තාව හිතාමතාම මිනිසුන් මග හැරීමට උත්සාහ කරන බවටයි විශ්වාස කෙරෙන්නේ.

එමෙන්ම මෙම කාන්තාවගේ බැංකු ගිණුම්වලින් මාසයකට වැඩි කාලයක් තුළ කිසිදු ගනුදෙනුවක් සිදු නොවීම පිළිබඳව ද පොලිසියේ අවධානය යොමුවී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »