අනුමත වේග සීමාව ඉක්මවා තම මෝටර් රථය ධාවනය කළ පුද්ගලයෙකුට නිව් සවුත්වේල්ස් පොලිසිය විසින් ඩොලර් 2764ක දඩයක් නියම කර තිබෙනවා.
පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ධාවනය කළ යුතු ප්‍රදේශයක එම වේග සීමාව ඉක්මවා යමින් පැයට කිලෝමීටර් 111ක වේගයෙන් මෙම පුද්ගලයා සිය මෝටර් රථය ධාවනය කළ බවටයි පොලිසිය චෝදනා කරන්නේ.
පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කර ඇත්තේ තමාට වැසිකිළි යාමට අවශ්‍යතාවක් පවතින බැවින් මෙලෙස වේගයෙන් ගමන් කිරීමට සිදු වූ බවයි.
නිව් සවුත්වේල්ස් පොලිසියේ රථවාහන සහ මහාමාර්ග මුර සංචාර කණ්ඩායම විසින් පසුගිය ජුනි මස 28 වනදා බර්වුඩ් (Burwood) ප්‍රදේශයේ මාර්ගයකදී වේග සීමා උල්ලංඝණය කළ මෙම මෝටර් රථය සොයා ගනු ලැබුවා.
රාත්‍රී 11.20ට පමණ පොලිසිය සංඥා කර මෝටර් රථය නතර කිරීමෙන් පසු ඔහු පොලිසියට පවසා ඇත්තේ තමාට වැසිකිළි යාමට අවශ්‍ය බවයි.
එහෙත් එය නිදහසට කරුණක් වශයෙන් පොලිසිය පිළි නොගත් අතර ඔහුට ඩොලර් 2,764 ක දඩයක් නියම කර තිබෙනවා.
ඊට අමතරව මෙම පුද්ගලයාගේ රියදුරු බලපත්‍රයද මාස හයකට අත්හිටු වීමටයි පියවර ගෙන ඇත්තේ.