ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන් වෙනුවෙන් ඉල්ලීමක්

උදෑසන 7 සිට සවස 7 දක්වා අවම වශයෙන් සෑම විනාඩි 15 කට වරක් වත් ඔස්ට්‍රේලියාවේ අගනගරවල පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක විය යුතු බව දේශගුණ කවුන්සිලය (Climate Council) පවසනවා.

කවුන්සිලය පෙන්වා දෙන්නේ ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් ගෙන එනු ලැබුව ද බොහෝ බ්‍රිස්බේන් වැසියන් මිලියන 1.5 කට පමණ පොදු ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් පරිදි නොමැති බවයි.

කලාපය පුරා පවතින හොඳ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍යයෙන් බ්‍රිස්බේන් අගනගරයේ සිට කිලෝමීටර 8ක් පමණ දුරින් අවසන් වන බව දේශගුණ කවුන්සිලය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

එහි නව විශ්ලේෂණයකට අනුව, බ්‍රිස්බේන් කලාපයේ පදිංචිව සිටින අයගෙන් තුනෙන් දෙකකට පමණ දවස පුරා පොදු ප්‍රවාහන සේවා නොමැති බව සඳහන්.

එම සංවිධානයට පෙන්වා දෙන්නේ අවම වශයෙන් සෑම විනාඩි 15 කට වරක් ඔස්ට්‍රේලියාවේ අගනගරවල සෑම නිවසක්ම ආවරණය වන පරිදි එම නිවාසවලට අවම වශයෙන් මීටර් 800ක් ඇතුළත බස් රථ වැනි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක විය යුතු බවයි.

පර්ත්, ඇඩිලේඩ්, මෙල්බර්න් සහ සිඩ්නි වැනි නගරවල ද පවතින්නේ මේ හා සමාන තත්වයක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

දේශගුණික කවුන්සිලයේ මන්ත්‍රීවරයෙකු වන ග්‍රෙග් බෝර්න් පැවසුවේ පොදු ප්‍රවාහන සේවා ප්‍රමාණවත් පරිදි නොමැති වීම හේතුවෙන් ජනතාව ඔවුන්ගේ මෝටර් රථ මාර්ගයට ගැනීම රථ වාහන තදබදයට ද හේතුවක් බවයි.

එමෙන්ම මෙම තත්වය මත ඔස්ට්‍රේලියාවේ වාහන මගින් වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් මිලියන 100ක් පමණ විමෝචනය කරන බව ද ඔහු පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »