Search

Student Visa හිමියන්ට නවසීලන්තයෙන් දැවැන්ත සහනයක්

ජාත්‍යන්තර සිසුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා පවතින රැකියා වීසාවලට අදාළ නිර්ණායක ලිහිල් කිරීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.

සිය සංක්‍රමණ ප්‍රතිපත්ති සංශෝධනය කරමින් උසස් අධ්‍යාපන වැඩසටහන්වලට ලියාපදිංචි වූ ජාත්‍යන්තර සිසුන්ගේ හවුල්කරුවන්ට රැකියා වීසා ලබා ගැනීමට ඉඩ සැලසීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

රැකියා වීසා සඳහා වන නිර්ණායක ලිහිල් කිරීම මගින් ජාත්‍යන්තර සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා නවසීලන්තය වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීම අරමුණ බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

සංශෝධනය කරනු ලැබූ මාර්ගෝපදේශ යටතේ නවසීලන්තයේ විශේෂිත උසස් අධ්‍යාපන වැඩසටහන් සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ගේ බිරිඳ හෝ දරුවන් වැනි පවුලේ සාමාජිකයන් රැකියා වීසා සඳහා සුදුසුකම් ලබනු ඇති.

උපාධි සහතික පාඨමාලා, උපාධි ඩිප්ලෝමා, පශ්චාත් උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහ ගෞරව උපාධි ඇතුළත් Level 7 හෝ 8 මට්ටමේ පාඨමාලාහදාරන සිසුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම වීසා අදාළ වනු ඇති.

නවසීලන්තය පුරා ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් යටතේ ලියාපදිංචි වූ සිසුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නවසීලන්තයේ පදිංචිය සඳහා ද වසර දෙකක් රැකියාවේ නිරත වීමෙන් පසු ඉල්ලීම් කළ හැකියි.

මෙම වීසා නීති වෙනස් කිරීම මගින් නවසීලන්තයේ අරමුණ වී ඇත්තේ දක්ෂ කුසලතා සහිත ශ්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීමට සහ ජාත්‍යන්තර සිසුන්ගේ පවුල්වලට සහාය වීම බව සඳහන්.

වලංගු වීසා බලපත්‍ර හිමි සිසුන්ට තමාගෙන් යැපෙන දරුවන් සඳහා විවිධ වීසා බලපත්‍ර අයදුම්පත් සඳහා සහාය විය හැකි අතර සුදුසුකම් ලත් 7 හෝ 8 මට්ටමේ පාඨමාලා සඳහා ලියාපදිංචි වී ඇත්නම් එම සිසුන්ගේ හවුල්කරුවන්ට සහකරුගේ රැකියා වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකියි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »