
සුප්‍රසිද්ධ හොලිවුඩ් රංගන ශිල්පියෙකු මෙන්ම රෙස්ලින් (wrestling) ක්‍රීඩකයකු වන 47 හැවිරිදි ජෝන් සීනා (John Cena) WWE (World Wrestling Entertainment) රෙස්ලින් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වසර 20 ක් නොයෙකුත් බාධක මැද රෙස්ලින් ක්‍රීඩා පිටියේ තරඟ කරමින් ජයග්‍රහණ රැසක් අත්කර ගත් තමා ලබන 2025 වසරේදී පිටියෙන් සමුගන්නා බවයි ජෝන් සීනා ප්‍රකාශ කළේ.
බොහෝ දුරට ලබන 2025 වසරේ ලාස් වේගාස් හි පැවැත්වෙන රෙස්ල්මේනියා (WrestleMania) තරඟාවලියේදී තම අවසන් තරඟයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කළා.

වර්ල්ඩ් රෙස්ලින් එන්ටර්ටේට්මන් ආයතනයේ අද (07) පැවැති මනී ඉන් ද බෑන්ක් (Money In The Bank) තරඟයට සහභාගී වීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළා.
ජෝන් සීනා තම වෘත්තීය ජීවිතය තුළ වාර්තාගත ලෝක ශූරතා 16ක් ලබා ඇති අතර ඔහු WWE ඉතිහාසයේ විශිෂ්ටතම වෘත්තීය රෙස්ලින් ක්‍රීඩකයෙකු ලෙස ලෙසටයි සැලකෙන්නේ.
