Search

Student Visa ගාස්තු නිසා ඔස්ට්‍රේලියාවේ සිදුවෙන වෙනස

වත්මන් රජය විසින් Student Visa ගාස්තු ඉහළ දැමීමෙන් පසු අනාගතයේදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් විශාල වශයෙන් අඩු වන බවට නව සමීක්ෂණයක් මගින් අනාවරණ වී තිබෙනවා.

2024-2025 නව මුල්‍ය වර්ෂයේ ආරම්භයත් සමග සිදු කළ වීසා ගාස්තු වැඩි කිරීම හේතුවෙන් ලෝකයේ වඩාත්ම මිල අධික Student Visa ඇති රටක් බවටයි ඕස්ට්‍රේලියාව පත්වී ඇත්තේ.

ආපසු නොගෙවන වීසා ගාස්තුව ඩොලර් 710 සිට ඩොලර් 1,600 දක්වා ඉහළ ගොස් ඇති අතර, එමගින් ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට කැමැත්තක් නොමැති බවට පෙනී යන බව විචාරකයන් පෙන්වා දෙනවා.

මෙම හේතුව මත හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව තෝරා ගැනීමට සිටි සිසුන් වෙනත් විකල්ප වෙත යොමු වනු ඇති බව පර්යේෂණය මගින් සඳහන් කර තිබෙනවා.

සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි නියෝජිත සංගමයේ නිලධාරීන් ප්‍රකාශ කළේ වීසා ගාස්තු වැඩි කිරීම සහ ලබා දී ඇති කෙටි දැනුම්දීම හේතුවෙන් සිසුන් කම්පනයට පත් වූ බවයි.

මෙම ගාස්තු ඉහළ යාම මගින් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ වැඩි වටිනාකමක් පිළිබිඹු කරන බව අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් ප්‍රකාශ කළා.

එහෙත් මීට වසර කිහිපයකට පෙර සිසුන්ගේ ජනප්‍රිය ගමනාන්තයක් වූ ඕස්ට්‍රේලියාව මේ වන විට බොහෝ දෙනෙකුට ළඟා විය නොහැකි වීම හේතුවෙන් දැරිය හැකි විකල්ප සෙවීමට සිසුන් පොළඹවා ඇති බවයි වාර්තා වන්නේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »